වෛද්‍යවරුන්ගේ DAT දිමනාව රුපියල් 25,000 කින් ඉහළට .

2027 අයවැය යෝජනා යටතේ වෛද්‍ය නිලධාරීන් සඳහා මාසිකව ගෙවනු ලබන DAT දීමනාව රුපියල් 70,000 සිට රුපියල් 95,000 දක්වා රුපියල් 25,000කින් ඉහළ නැංවීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ.

මහජන සෞඛ්‍ය සුරක්ෂිත කිරීම සහ ජනතාවගේ යහපැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් වෛද්‍ය නිලධාරීන් ඉටු කරන වැදගත් කාර්යභාරය ඇගයීමට ලක් කරමින් මෙම වැඩි කිරීම සිදු කරන බව අයවැය ඉදිරිපත්කරමින් ජනධිපතිවරයා පැවසීය .

මේ අතර, හෙද නිලධාරීන්ට සහ අතුරු වෛද්‍ය හා පරිපූරක වෛද්‍ය සේවාවන්හි නිලධාරීන්ට මාසිකව ගෙවනු ලබන විශේෂ රාජකාරි දීමනාව රුපියල් 6,000 සිට රුපියල් 12,000 දක්වා දෙගුණ කිරීමට ද රජය යෝජනා කර ඇත.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෙසු සේවකයින් සඳහා වන මාසික විශේෂ රාජකාරි දීමනාව ද රුපියල් 2,000 සිට රුපියල් 4,000 දක්වා ඉහළ නැංවේ.

දීමනා වැඩි කිරීම අදියර දෙකකින් ක්‍රියාත්මක කෙරේ . ඒ අනුව, යෝජිත වැඩි කිරීම්වලින් 50%ක් 2027 ජූලි මාසයේ සිට ගෙවනු ලබන අතර, ඉතිරි 50%ක ප්‍රමාණය 2028 වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.