සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට ජනපතිගෙන් කොළ එළියක්

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ප්‍රතිපාදන මගින් සැකකරුවන් රඳවා තබාගැනීමේ කාලය පැය 72 සිට පැය 48 දක්වා අඩු කිරීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

‘රටම එකට’ ජාතික මෙහෙයුමේ ආගමික සමුළුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එමෙන්ම සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් හඳුනාගැනීම සඳහා වෙනත් රටවල භාවිත කරන ක්‍රමවේදයක් වන ‘පච්ච’ මෙරටට අවශ්‍ය නොවේ නම්, එම විධිවිධානය පනතෙන් ඉවත් කිරීමට ද සූදානම් බවද ජනාධිපතිවරයා පැවසීය .

කෙසේ වෙතත් සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා නීතියක අවශ්‍යතාව පවතින බැවින් ඒ වෙනුවෙන් නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත්, මේවන ට්ඝුරු ඒ සඳහා භාවිත කළේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත බවත් පෙන්වාදුන් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් මතුව ඇති විවේචන හා යෝජනා පිළිබඳව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමට රජය සූදානම් බවද සඳහන් කළේය.