මෑතභාගයේ ශ්‍රීලංකාවෙන් වාර්තාවන පෙනහලු පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළයාමේ ප්‍රවණතාවක් පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.
ජාතික ශ්වසන විද්‍යායතනයේ උරහිස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සමන් ඉද්දගොඩ පෙන්වා දෙන්නේ 2010 වසරේ සිට මේ දක්වා සියයට 50 කින් පමණ පෙනහලු පිළිකා රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බවයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේබව සඳහන් කළේය.
“පහුගිය කාලේදි වැලිසර ළය රෝහල ආශ්‍රිතව දත්ත පරිශීලනය කළාම, අපි දකිනවා ලංකාවේ පෙනහළු පිළිකාවල වර්ධනයක් තියෙනවා. ඇත්තටම මෙහිදී අපි කළේ වැලිසර අපේ ළය රෝහලේ තිබෙන්නා වූ පෙනහළු පිළිකා පිළිබඳ දත්ත සහ ජාතික පිළිකා සම්බන්ධ මර්ධන ව්‍යාපාරයේ තිබෙන්නා වූ 2010 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාල සීමාවට අදාල දත්ත අපි පරිශීලනය කළා . එහිදී අපිට පෙනී ගිය එක දෙයක් තමයි ලංකාවේ පිරිමි පුද්ගලයන් සහ කාන්තාවන් යන දෙපාර්ශවයේම පෙනහළු පිළිකාවල වර්ධන තත්ත්වය ඉතාමත් වැඩියි කියන එක.
2010 සිට 2020 කාල සීමාව තුළදී ලංකාවේ පෙනහළු පිළිකාව කියන එක කාන්තා පාර්ශ්වය සහ පිරිමි පාර්ශ්වය දෙපාර්ශ්වයේම 50% ක වගේ වර්ධනයක් පෙන්නුම් කරනවා. මේ නිසාම පිරිමි පුද්ගලයන්ගේ ප්‍රධාන ගණයේ පිළිකාවක් බවට පත්වෙමින් පවතිනවා සහ කාන්තාවන්ගේ පළවෙනි පිළිකා 10 අතරට පැමිණෙමින් පවතිනවා පෙනහළු පිළිකාව කියන එක.ලංකාව තුළත් අපි දකිනවා දුම් නොබන පුද්ගලයන්, විශේෂයෙන්ම දුම් නොබන කාන්තාවන්ගේ පෙනහළු පිළිකාවල වර්ධනයක්.”