ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ නැංවීමට කටයුතුකර තිබේ. ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 490 කි.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 424 ක් දක්වා ඉහළ ගොස් ඇත .
එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 05කින් මිල ඉහළ නැංවෙන අතර ඒ අනුව එහි නව මිල රුපියල් 397කි. ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 543 ක් දක්වා ඉහළ යනු ඇත.
භූමිතෙල් මිලෙහි වෙනසක් සිදුවන්නේ නැත. ඒ අනුව භූමිතෙල් මිල වන්නේ රුපියල් 285 කි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් සමඟ සමාන කිරීම සඳහා ලංකා අයි.ඕ.සී. (Lanka IOC) සමාගම විසින් 92 ඔක්ටේන් පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල ගණන් ඉහළ නංවා තිබේ.
