රාජ්ය ආයතන සතු වෙබ් අඩවි සහ වෙබ් යෙදුම් (Web applications) සංවර්ධනය කිරීම සඳහා බහුලව භාවිත කරනු ලබන PHP පරිගණක භාෂා මෘදුකාංගයේ තීරණාත්මක ආරක්ෂක දුර්වලතා කිහිපයක් හඳුනාගෙන තිබීම සම්බන්ධව ඩිජිටල් ආර්ථික අමාත්යාංශය සිය අවධානය යොමුකරයි . ඒ අනුව ඒ පිළිබඳ වහාම අවධානය යොමු කර පිළියම් යොදන ලෙස සියළු රාජ්ය ආයතන වෙත දැනුම් දී ඇතිබව වාර්තා වේ .
අමාත්යාංශ ලේකම් වරුණ ශ්රී ධනපාලගේ අත්සනින් යුතුව සියලුම අමාත්යාංශ, පළාත් සභා, දෙපාර්තමේන්තු, ව්යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම් ප්රධානීන් වෙත නිකුත් කර ඇති චක්රලේඛය මඟින් මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත.
CVE-2026-109618 සහ CVE-2026-109619 යන කේත මඟින් හඳුනාගෙන ඇති මෙම බරපතළ ආරක්ෂක සිදුරු හේතුවෙන් රජයේ වෙබ් පද්ධති වෙත අනවසරයෙන් ප්රවේශ වීම, සංවේදී රාජ්ය දත්ත සොරකම් කිරීම මෙන්ම පද්ධතිවල ක්රියාකාරීත්වය අඩපණ කිරීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි අදාළ චක්රලේඛයේ පෙන්වා දී තිබේ.
මෑත කාලීනව රාජ්ය අංශයේ වෙබ් අඩවි ඉලක්ක කර ගනිමින් එල්ල වන විවිධ සයිබර් ප්රහාර සහ දත්ත කාන්දුවීම් සැලකිල්ලට ගනිමින් මෙම පූර්ව ආරක්ෂක ක්රියාමාර්ග ගැනීම අත්යවශ්ය වී ඇත. මෙම අවදානම් තත්ත්වය කඩිනමින් මඟහරවා ගැනීම සඳහා වහාම ක්රියාත්මක වන පරිදි පියවර කිහිපයක් ගන්නා ලෙස අමාත්යාංශ ලේකම්වරයා උපදෙස් දී ඇත.