ගෘහස්ත ගෑස් හිඟය නිමාකරමින් සිලින්ඩර් ලක්ෂ 7 ක් වෙළඳපොළට

එළැඹෙන 27 වැනි දින වන විට ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් දිවයින පුරා බෙදා හැරීමට සැලසුම් කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි .

වෙළෙඳපොළ තුළ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් පසුගිය 22 වැනි දින ළඟා වූ නෞකාවට අමතරව ඊයේ (24) දිනයේද GOODWILL නම් නෞකාව මගින් තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3,900 ක් දිවයිනට රැගෙන ආ බව සමාගම නිකුත්කළ නිවේදනයක සඳහන් වෙයි.

එම ගෑස් තොගයට අමතරව හෙට (26) දිනයේද තවත් ගෑස් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවත්, ඒ සමගම ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ලක්ෂ 7 ක් වෙළෙඳපොළට බෙදා හැරීමේ ඉලක්කය සපුරා ගැණීමට නියමිත බවත් එම නිවේදනයේ තව දුරටත් සඳහන් වෙයි .