ශ්රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය, අඩු පීඩන කළාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයක දැක්වෙයි .
එම අඩු පීඩන කළාපයේ බලපෑම හේතුවෙන් අද (22) දිවයින පුරා මෙන්ම දිවයින අවට ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්රදේශවලද වැසි තත්ත්වය වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ සම්බන්ධයෙන් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවුක ප්රජාව ඇතුළු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණු සහ වයඹ පළාත්වලත්, මන්නාරම දිස්ත්රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, එම ප්රදේශ වල අහස වලාකුලින් බරව පවතිනු ඇත. දිවයිනේ සෙසු ප්රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.