නීති විරෝධී මත්පැන් සඟවා ඇතිබවට ලද තොරතුරක් අනුව හල්දුම්මුල්ල සොරගුණේ උපතැපැල් කාර්යාලයක ලියුම් බෙදන්නකුගේ නිවස සෝදිසි කළ පොලිස් නිළධාරීන් පිරිසකට ඇඳක මෙට්ටයක් යට සඟවා තිබූ තැපැල් ලිපි 2078 ක් සොයගැනීමට හැකිව තිබේ .
මෙම ලිපි සියල්ල ප්රදේශවාසීන්ගේ නමට තැපෑලෙන් ලැබී තිබු ඒව බවත්, එම ලිපි බෙදාහැරීමට ලබාගත් මෙම සැකකරු ඒවා සිය ඇඳේ මෙට්ටය යට සඟවා අතිබවත් පොලිසිය පවසයි . මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු හල්දුම්මුල්ල සොරගුණේ උපතැපැල් කාර්යාලයට අනුයුක්තව සේවය කරන තැපැල් සේවකයකි .
මෙම සේවකයාගේ නිවසේ කසිප්පු ඇති බවට හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක ඉඳුනිල් රත්නායකට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ගොස් පරීක්ෂා කිරීමේදී මෙට්ටය යට ගොඩ ගසා තිබූ ලියාපදිංචි ලිපි 12ක් සහ සාමාන්ය තැපෑලට අයත් ලිපි තොගය පොලිසිය සොයාගෙන තිබේ.
සැකකරුගෙන් ප්රශ්න කිරීමේදී වසර හයකට අධික කාලයක් තිස්සේ ලිපි බෙදීමක් සිදු නොකර ඒවා මෙට්ටය යට සඟවූ බවට තොරතුරු අනාවරණය වී ඇති බවද පොලිසිය පැවදිය පවසයි