අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම සඳහා වන ගොනුව ගම්පහ මහෙස්ත්රාත් බන්ධුල ගුණරත්න විසින් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමුකර තිබේ.
ඒ අධිකරණ නියෝග ක්රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කරමිනි .
මත්ද්රව්ය නඩු දෙකකට අදාළව අධිකරණය විසින් දෙනු ලැබූ නියෝග ඉටු නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණය හෑල්ලුවට ලක් කොට ඇති බවත්, පොලිස්පතිවරයා උසාවිය නොමග යැවීමට උත්සාහ කරන බවක් පෙනී යන්නේ යැයි සඳහන් කරමින් මෙලෙස මෙම නඩු පැවරීමට තීරණය කර තිබේ.