නොරොච්චෝලේ ගල්අඟුරු බලගාරයේ විදුලි උත්පාදනය හෙට (බ්රහස්පතින්දා) වන විට නැවත ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජාතික පද්ධති මෙහෙයුම්කාර සමාගම (National System Operator Pvt. Ltd.) ප්රකාශ කරයි.
එහි සභාපති බී. එල්. ප්රදීප් ප්රියදර්ශන පෙරේරා ඩේලි මිරර් පුවත්පතට පවසා ඇත්තේ, බලගාරය අක්රිය වීම හේතුවෙන් මෙගාවොට් 250 ක විදුලි හිඟයක් ඇතිවූ අතර, එය විදුලි කප්පාදුවක් සැලසුම් කිරීමට හේතු වූ බවයි.
“මේ දිනවල රාත්රී කාලයේ විදුලි ඉල්ලුම සපයා ගැනීම සඳහා අපට මෙගාවොට් 2,800 ක විදුලි බලයක් අවශ්ය වෙනවා. නමුත් දැනට අපට පවතින්නේ හිඟයක්. සඳුදා රාත්රියේ අපට සැපයීමට හැකි වූයේ මෙගාවොට් 2,570 ක් පමණයි” යනුවෙන් ඔහු පැවසීය.
රට පුරා සිදුවන විදුලිය බිඳවැටීමක් (blackout) හේතුවෙන් නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු බලගාරය ද අක්රිය විය හැකිය. මන්ද යත් බලගාරය ආරක්ෂිතව ක්රියාත්මක වීමට ද අඛණ්ඩ විදුලි සැපයුමක් අවශ්ය වන බැවිනි.