වත්මන් ආණ්ඩුව තවමත් ඉටුකරමින් සිටින්නේ විපක්ෂයේ භූමිකාව බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය මහ ලේකම් හරීන් ප්රනාන්දු පැවසීය . ඔහු මේ බව පැවසූවේ, මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවකට අදාළව බදුල්ල මහේස්ත්රාත් අධිකරණය හමුවේ අද (20) පෙනී සිටීමට පැමිණි අවස්ථාවේදී.
එහිදී මාධ්ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසූවේ විපක්ෂය උද්ඝෝෂණය කරන අවස්ථාවලදී ආණ්ඩුව ඊට එරෙහිව උද්ඝෝෂණය කිරීම මෙරටදී දුටු පළමු අවස්ථාව බවත්, එමගින් ආණ්ඩුව ගමන් කරන දිශාව ඕනාම කෙනෙකුහට පැහැදිලි වන බවයි.
පසුගියදා බදුල්ලේ පැවති ආණ්ඩුවේ රැස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එම රැස්වීමේදී කාන්තාවන් ආණ්ඩුවේ ප්රධාන ශක්තිය ලෙස හඳුන්වා දුන් බවයි. කාන්තාවන්ට තමන්ද ගෞරව කරන බව පැවසූ ඔහු දේශපාලනය සම්බන්ධයෙන් ඔවුන් සතු දැනුම සීමිත බවත්, ඒ හේතුවෙන් ඔවුන් නොමඟ යවා ඇත්දැයි තමන්ට සැක සිතෙන බවත් ඔහු පැවසීය.
ඊශ්රායලයේ සහ ජපානයේ රැකියා අවස්ථා මෙන්ම ඉන්සියුලින් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම ද තම පක්ෂයේ සාමාජිකයින් ආරම්භ කළ වැඩසටහන් බවත්, වෙනත් පාර්ශ්ව විසින් ආරම්භ කරන ලද ව්යාපෘති විවෘත කිරීම වෙනුවට වත්මන් ආණ්ඩුව තමන්ගේම ව්යාපෘති ඉදිරිපත් කළ යුතු බව ද හරීන් ප්රනාන්දු පැවසීය
මෙට්රෝ බස් සේවාව ද හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් ආරම්භ කරන ලද වැඩසටහනක් බවත්, වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳව සතුටු වන නමුත් එය ක්රියාත්මක වන වේගය ඉතා මන්දගාමී බවත් කියා සිටියා.