අද හෙට සහ අනිද්දා පැයක කාලයක් රට පුරා විදුලි කප්පාදුවක්

අද, හෙට සහ අනිද්දා යන තෙදින තුළ පස්වරු 4.30 සිට 8.30 දක්වා දිවයිනේ සියලු ප්‍රදේශ කළාප 4 කට බෙදා පැයක කාලයක් සඳහා විදුලිය කප්පාදුවක් සිදුකිරීමට තීරණය කර තිබේ.

ඒ සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් අවසරය ඉල්ලා ඇති බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ පැවසීය. ඊට අදාල තොරතුරු තම ආයතනයේ වෙබ් අඩවියේ මෙන්ම මහජන උපයෝගීතා කොමිසමේ වෙබ් අඩවියේද පලකර ඇතැයි ඔහු සඳහන් කලේය .