සෞදි අරාබියේ ශ්රේෂ්ඨාධිකරණය විසින් ශ්රී ලාංකික අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම ඉවත්කිරීමට ගත් තීරණය ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ප්රසාදය පලකර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, මෙම තීරණය සිවරාසාට, ඔහුගේ පවුලේ අයට මෙන්ම මෙම නඩුව පිළිබඳ දැඩි අවධානයෙන් පසුවූ ශ්රී ලාංකිකයන්ට මහත් අස්වැසිල්ලක් ගෙනදුන් බවයි.
මෙම ප්රතිඵලය ඉවසිලිවන්ත රාජ්යතාන්ත්රිකභාවය, මිත්රශීලී රටක නීතිමය ක්රියාපරිපාටීන්ට ගරුකිරීම සහ අදාළ ශ්රී ලාංකිකයා වෙනුවෙන් සහාය දුන් පිරිසගේ නොපසුබට උත්සාහය පිළිඹිබු කරන්නක් බව ජනාධිපතිවරයා පවසයි.
මෙම තීරණය සම්බන්ධයෙන් සෞදි අරාබි රජයට සිය ප්රසාදය පළකරන ජනාධිපතිවරයා, සෞදි අරාබි සහ ශ්රී ලාංකික රාජ්යතාන්ත්රිකයන්ට, රාජ්ය නිලධාරීන්ට සහ නීතිඥ කණ්ඩායම්වලටද සිය ස්තූතිය පුදකරයි.