”දීපචෙල්වම් ප්‍රදිපන්ගේ පොත් වහා නිදහස් කරනු .” මානව හිමිකම් කොමිසමෙන් රේගුවට නියෝගයක් .

ලේඛක දීපචෙල්වම් ප්‍රදීපන් විසින් රචිත දෙමළ භාෂා කෘති දෙකක් ශ්‍රී ලංකා රේගුව විසින් අඛණ්ඩව අත්අඩංගුවේ තබා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් රැසක් උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිකුත්කළ නිවෙදනයක දැක්වෙයි .

එම කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක සහ පර්යේෂණ හා නිරීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරිගේ අත්සනින් යුතුව ඊයේ (12) මෙම නිවේදනය නිකුත් කර ඇත.

අදාළ කෘතිවල රඳවාගෙන ඇති සියලුම පිටපත් වහාම නිදහස් කරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නිර්දේශ කර ඇති අතර අංක HRC/KIL/031/26 දරන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොමිෂන් සභාව මේ බව සඳහන් කර සිටී.