රටේ සැබෑම ආයෝජනය දූ දරුවන්ගේ අධ්‍යාපනය සහ චරිත වර්ධනය බවත්, පරිසරයට ආදරේ කරන පෞරුෂවත් දරුවෙකු බිහි කිරීම රජයේ අරමුණ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය .
අන්තරායකර අපද්‍රව්‍ය පරිසරයට එකතු කරමින් සොබාදහම විනාශ කරන අයට එරෙහිව රුපියල් මිලියන 20 දක්වා දඩ සහ සිරදඬුවම් පනවන නීති ගෙන ඒමට පියවර ගෙන ඇති බවද ඇය සඳහන් කළාය .
එමෙන්ම ආරක්ෂිත තෙත්බිම් විනාශ කරන අයට එරෙහිව රුපියල් මිලියන 1 සිට 10 දක්වා දඩ පැනවීමටත් පියවර ගෙන ඇති බව අගමැතිණිය පැවසූවාය . වසර 25කට පසු ජාතික පාරිසරික සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට සිය රජයට හැකි වූ බවත් ඒ හරහා සංවර්ධන ව්‍යාපෘතිවල පාරිසරික බලපෑම් ඇගයීම දැඩි කරන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී පැවසීය.
අගමැතිණිය මේ බව පැවසූවේ ජාතික නාමල් උයනේ 36 වන සංවත්සරයට එක්වෙමිනි . දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවාණා පර්වත පද්ධතිය සහ විශාලතම නා වනය පිහිටි ජාතික නාමල් උයන සැලකේ .