Facebook සාද නිසා HIV ආසාදිතයින් සංඛ්‍යාවේ වැඩිවීමක්

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී නව HIV ආසාදිතයින් සංඛ්‍යාවේ වැඩිවීමක් වාර්තා විය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි . මෙම HIV රෝගීන් සංඛ්‍යාවේ වැඩිවීම Facebook වැනි සමාජ මාධ්‍ය හරහා සංවිධානය කෙරෙන සාද සමඟ සෘජු සම්බන්ධයක් පවතින බවට විශ්වාස කෙරෙන බව ඔහු වැඩ් දුරටත් පැවසීය .

පසුගිය වසරේදී නව HIV රෝගීන් 874 දෙනෙකු වාර්තා වී තිබුණ මුත් මෙම වසරේ වාර්තා වන නව HIV රෝගීන් සංඛ්‍යාව පසුගිය වසරේ මුළු සංඛ්‍යාව ඉක්මවා යා හැකි බවට සෞඛ්‍ය බලධාරීන් විසින් කනස්සල්ල පළ කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

“පසුගිය වසරේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව මෙම වසරේදී තවමත් ඉක්මවා ගොස් නැහැ. කෙසේ වෙතත්, නව HIV රෝගීන් සංඛ්‍යාව පසුගිය වසරේ අගය ඉක්මවා යා හැකි බවට සෞඛ්‍ය බලධාරීන් අනුමාන කරනවා,” යනුවෙන් ඔහු පැවසීය.

විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය භාවිත කරන තරුණ පිරිමින් අතර නව HIV ආසාදනවල වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති බව ජයතිස්ස මහතා පැවසීය. මෙම රෝගීන්ගෙන් සමහරක් සමාජ මාධ්‍ය හරහා සංවිධානය කෙරෙන සාද සමඟ සම්බන්ධ වී තිබිය හැකි බවට ද ඔහු අදහස් දැක්වීය.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පැවති සතිපතා මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.