සලේට ප්‍රතිකර කළ වෛද්‍යවරු දහදෙනාම අධිකරණයට කැඳවයි .

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවා සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී ජෙනරාල් සුරේෂ් සලේ හට ප්‍රතිකාර කළ වෛද්‍යවරු ලබන අඟහරුවාදා (6) වනදා අධිකරණය හමුවට කැඳවා ඇති බව වාර්තා වේ .

අපරාධ පරීක්ෂණ දෙපාර්තෙමේන්තුවේ නිළධාරීන් විසින් ඊයේ කරනා ලද ඉල්ලීමකට අනුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් මෙම කැඳවීම කර ඇත. ඒ අනුව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා සහ එම රෝහලේදී ජෙනරාල් සුරේෂ් සලේට ප්‍රතිකාර කළ කායික, මානසික සහ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් දස දෙනෙකුට එළඹෙන 6 වන්දා අධිකරණය හමුවට කැඳවා ඇත .

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා තව දුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලැබිය යුතුද, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය කෙබදුද යන්න අධිකරණය හමුවේ පෙනී සිට කරුණු ඉදිරිපත්කරනා මෙන් එම වෛද්‍යවරුනට නියෝග කර ඇත.