හැටන්, දික්ඔය ප්රදේශයේ වෙළෙඳසැලක් තුළදී මහලු අඹුසැමි යුවළකගේ ගෙළ කපා ඝාතනය කර රන් ආභරණ සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රෝහල්ගත කර සිටියදී පළාගිය ප්රධාන සැකකරු අත් අඩංගුවට ගත්බව පොලිස් ආරංචිමාර්ග පවසයි .
මොහු පසුගිය මැයි මස 21 හෝ ආසන්න දිනයක දික්ඔය ඉහත සඳහන් ද්විත්ත්ව ඝාතනය සිදුකර ඇති අතර අනතුරුව අත්අඩංගුවට ගත් ඔහු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගත කර ඇත . එලෙස රෝහල්ගතව සිටියදී නිළධාරීන්ගෙන් මිදී පලාගිය ඔහු යාපනය ප්රදේශයේදී නැවත අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත .
මෙම ද්විත්ව ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව සැකකරු එම යුවළ සතුව තිබූ වටිනා රන් ආභරණද සොරකම් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පසුව ක්රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමකින් අනතුරුව, යාපනය ප්රදේශයේ සැඟවී සිටි සැකකරු නැවත අත්අඩංගුවට ගෙන ඇත . සැකකරු සම්බන්ධයෙන් හැටන් පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.