වස විස සහිත පළතුරු අලවිය මේ වසරේ පමණ‍යි .

වස විස සහිත පළතුරු අලෙවි කරනු ලබන වෙළෙන්දන්ට එරෙහිව ලබන වසරේ අප්‍රේල් මස 01 වනදා සිට නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය.
කොළඹදී අද (01) පැවති “වස විසෙන් තොර පළතුරු දරුවන්ට” යන ජාතික වැඩපිළිවෙළ එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය .

ඔක්තෝබර් 01 වනදා සිට දිවයින පුරා පිහිටි සියලුම පලතුරු වෙළඳසැල් සහ තොග බෙදාහරින්නන් ලියාපදිංචි කිරීම මෙන්ම දැනුවත් කිරීමේ කටයුතු ආරම්භ කරන බවත්, එහිදී වස විස භාවිතයකින් තොරව පළතුරු ඉදවා ගැනීම, ගොවිපළවලින් පළතුරු නෙලා ගැනීම සහ පාරිභෝගිකයා වෙත සුරක්ෂිතව බෙදාහැරීම සම්බන්ධයෙන් වෙළෙඳුන් දැනුවත් කර ඔවුන් මෙම වැඩපිළිවෙළට ඒකාබද්ධ කරගැනීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය .

ඒ යටතේ ලබන මාර්තු මාසය වන විට පාරිභෝගික සේවා අධිකාරිය හරහා වස විසෙන් තොර පළතුරු අලෙවි කරන ව්‍යාපාර හඳුනාගෙන, ඒ සඳහා වන විශේෂ සහතික පත්‍රයක් නිකුත් කිරීමට පියවර බවත්,
දිවයින පුරා පිහිටි පළතුරු වෙළඳසැල් සිතියම්ගත කර, QR කේතයක් (QR code) ඔස්සේ වස විසෙන් තොර පළතුරු අලෙවි කරන ස්ථාන පහසුවෙන් සොයාගත හැකි නව ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දීමටද සැලසුම් කර ඇතිබවත් ඔහු සඳහන් කළේය .