ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන ඇතුළු නිලධාරින්ගේ ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට පොලිස් කොමිසම තීරණය කර ඇති බව වාර්තා වේ. අද (01) පැවති පොලිස් කොමිසමේදී මෙම තීරණය ගෙන ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂ, පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරියන් ඇතුළු පිරිසකගේ ස්ථාන මාරුවීම් මෙලෙස ප්‍රතික්ෂේප කර ඇත . එකී ස්ථාන මාරු සඳහා වන ඉල්ලීම පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිෂන් සභාව වෙත ඉදිරිපත්කර අත .