ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද නඩුවට අදාළව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඔක්තෝබර් 6 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ඊට අමතරව ඔහු එයාර්බස් නඩුවට අදාළව ඔක්තෝබර් 13 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව අද (29) උදෑසන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය. ඒ ‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළ නඩු කටයුත්ත සහ එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවය.