ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරමින් සිටි කාවන්තිස්ස ඇතාට විශේෂ පශු වෛද්‍ය කණ්ඩායමක් විසින් ප්‍රතිකාර කිරීම ඊයේ දිනයේ ආරම්භ කළ බව පරිසර අමාත්‍යාංශය පවසයි. ඇතාගේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් අද (25) දිනයේදීත් අඛණ්ඩව ප්‍රතිකාර කටයුතු සිදුකරමින් පවතින බව එම අමාත්‍යංශය පවසයි .
ඊයේ (24) දිනයේදීද පශු වෛද්‍යවරුන් කණ්ඩායමක් මෙන්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් සහ වන ජීවි නිලධාරීන් කණ්ඩායමක් විසින් ඇතාට ප්‍රතිකාර කෙරිණි.
අමාත්‍යාංශය සඳහන් කරනුයේ වර්ෂාව ඇතුළු දුෂ්කර තත්ත්වයන් මධ්‍යයේ වුවද කාවන්තිස්ස ඇතාගේ ජීවිතය රැක ගැනීම වෙනුවෙන් වනජීවි නිලධාරීන් සහ පශු වෛද්‍ය කණ්ඩායම් කැපවීමෙන් කටයුතු කරන බවය.
මේ සම්බන්ධව පරිසර අමාත්‍යාංශය පශු වෛද්‍ය අධ්‍යක්ෂකවරියගෙන් සිදුකර ඇති විමසීමකදි ඇය සඳහන් කර ඇත්තේ ඇතාට ලබා දෙන ඖෂධ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් අවශ්‍ය හදිසි ප්‍රතිකාර හෝ වෙනත් වෛද්‍ය මැදිහත්වීමක් අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සහ නිලධාරීන් සූදානමින් සිටින බවත්ය.