අනෝජන් සිවරාසාගේ දෙමාපියන්ට ජනපති ගෙන් පොරොන්දුවක් .

මරණ දඬුවමට නියමව සිටින තරුණයාගේ දෙමාපියන් ඊයේ (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා හමුවිය .

සෞදි අරාබියේදී මරණ දඬුවමට නියමව සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීම සඳහා රජය හැකි උපරිමයෙන් මැදිහත්වී කටයුතු කරමින් සිටින බව ජනාධිපති වරයා එහිදී ඔවුනට සහතික විය .

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය මෙන්ම රාජ්‍යතාන්ත්‍රික මට්ටමින්ද අවශ්‍ය මැදිහත්වීම් සිදුකරන බවත්, සිවරාසා අනෝජන්ට සමාව ලබා දෙන ලෙස සෞදි රජුගෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා එහිදී පවසා ඇත .