T20 තරගාවලියේදී එංගලන්ත කණ්ඩායම හමුවේ ශ්‍රි ලංකා ක්‍රිකට් පිළ ලැබූ 3 – 0 පරාජය පිළිබඳව හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර සිය අදහස් දක්වයි .
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ T20 පිතිකරණ පෙළෙහි ප්‍රධාන ප්රතිසංවිධානයක් සිදුකළ යුතු බව පෙන්වාදෙන කුමාර් සංගක්කාර මෙම තරගාවලිය පරාජයවීම තුළින් ශ්‍රී ලංකාව සහ ලෝකයේ ප්රමුඛ පෙළේ කණ්ඩායම් අතර ඇති දැවැන්ත පරතරය පැහැදිලිවම පෙනෙන බව පවසයි . ලෝකයේ ප්රමුඛ පෙළේ කණ්ඩායම් සමඟ තරග වැදීමට හැකි ප්‍රබල පිතිකරුවන් හයදෙනෙකුගෙන් යුත් පෙරමුණක් කණ්ඩායම විසින් ගොඩනගා ගතයුතු බව ඔහු අවධාරණය කරයි .
කණ්ඩායමේ පවතින ලොකුම ගැටළුව පිතිකරණය වන අතර, විශේෂයෙන්ම මැද ඕවරවලදී ලකුණු රැස්කිරීමේ වේගය පවත්වාගැනීමට නොහැකි වීම දිගුකාලීන දුර්වලතාවක් බව ඔහු පෙන්වාදී ඇත.
ඉනිමේ මුල් ඕවර 6 තුළ ක්‍රියාත්මක වන පන්දු රැකීමේ සීමා උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින්, තරගයේ ආධිපත්‍යය තමන් සතුකර ගතහැකි ප්‍රබල පිතිකරුවන් හයදෙනෙකුගෙන් යුත් කණ්ඩාටමක් ශ්‍රී ලංකාවට අවශ්‍ය බව සංගක්කාර පෙන්වා දී තිබේ.
කණ්ඩායමේ ඉදිරි වෙනස්කම් පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, කුසල් මෙන්ඩිස් නැවත කණ්ඩායමට පැමිණීමේදී ආරම්භක පිතිකරු ස්ථානය සඳහා කමිල් මිෂාර සහ ලහිරු උදාර අතරින් සුදුසුම ක්‍රීඩකයා තෝරාගැනීමට තේරීම් කමිටුවට සිදුවන බවයි. කණ්ඩායමේ මැදපෙළ ශක්තිමත් කිරීම සඳහා දසුන් ශානකගේ වේගවත් පහරවල් එල්ල කිරීමේ හැකියාව අතිශයින් වැදගත් වන බවද ඔහු ප්‍රකාශ කර ඇත.
ඉදිරියට පැවැත්වෙන එක්දින තරගාවලියට පූර්ණ ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව මුහුණදෙන හිටපු නායකයා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉල්ලා සිටියි . ශ්‍රි ලංකා පිල ඉදිරිටේ අසීරු අභියෝග රැසක් ඇති බවත්, ඊට මුහුණ දීම සඳහා කල්පනාකාරී ලෙස ස්ථාවර අඩිතාලමක් දමාගත යුතු බවත් ඔහු පවසයි .