මේවන විට ලබාදීම ප්‍රමාද වී ඇති සියලුම වාහන අංක තහඩු මාස 6ක කාලයක් තුළ ලබා දී අවසන් කරන බව මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් තුෂාර ප්‍රනාන්දු පවසයි
ප්‍රමාදව ඇති සියලු අංක තහඩු ලබාදීමෙන් අනතුරුව වාහනයක් ලියාපදිංචි කර සතියක් ඇතුළත අංක තහඩු ලබා දීමට කටයුතු කරන බව ඔහු වැඩි දුරටත් සඳහන් කරයි . අද (09) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.