පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ පවුල් 35,169කට අයත් පුද්ගලයින් 115,586 දෙනෙකු පීඩාවට පත්ව ඇතිබව ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පිරිස දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 35ක පැතිරි සිටිනා බව එම දෙපාර්තමේන්තුව පවසයි .
මෙම තත්ත්වයත් සමඟ පානීය ජල ගැටලුවට මුහුණ දෙන ජනතාවට අඛණ්ඩව ජලය බෙදාහැරීමට කටයුතු කිරීමට ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය කටයුතු කර ඇත. ඒ අනුව දිස්ත්‍රික්ක හතක පවුල් 34,628ක අයත් පුද්ගලයින් 113,406කට පානීය ජලය බෙදාහැරීම සිදු කෙරේ.