22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින්ම විනිශ්චය මණ්ඩලය නම් කරනු ලැබ ඇත.
ඒ අනුව, එම පෙත්සම් විභාගය සඳහා අගවිනිසුරුවරයා තමාද ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නම්කර ඇත . එම විනිසුරු මඩුල්කට අචංල වෙංගප්පුලි, විනිසුරු අර්ජුන ඔබේසේකර, විනිසුරු සම්පත් විජේරත්න හා විනිසුරු ගිහාන් කුලතුංග යන විනිසුරුවරු ඇතුළත් ය.
22 වවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වැඩිම ප්‍රතිලාභියා අගවිනිසුරුවරයා වන බැවින්, යුක්තිය ඉටුවීම සඳහා අගවිනිසුරුවරයා නොමැති විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙස හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන් පෙත්සම් විභාගය සඳහා සහභාගි කරවන ලෙස සියලුම පෙත්සම්කරුවන්ගෙන් ඉල්ලා තිබියදී මෙම විනිසුරු මඩුල්ල පත්කර ඇත.
අගවිනිසුරු හැරුණු විට ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ සහ දිලිප් නවාස් මෙන්ම, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ද විනිසුරු මඬුල්ලට ඇතුළත් කර නැති අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ කනිෂ්ඨතම විනිසුරුවරයා වන ගිහාන් කුලතුංගද මෙම විනිසුරු මඬුල්ලේ සාමාජිකයකු ලෙස අගවිනිසුරුවරයා විසින් පත්කරනු ලැබ තිබේ.
විනිසුරු යසන්ත කෝදාගොඩ, මෑත කාලයේදී මූලික අයිතිවාසිකම් නඩුවල විනිසුරු මඬුල්ලට පත්නොකිරීමද විශේෂයෙන් දක්නට ලැබුණු ලක්ෂණයක් විය.
මෙම පෙත්සම් පිළිබඳ විමසීම සැප්තැම්බර් හෙට (1) වැනිදා ආරම්භ කිරීමට නියමිතව ඇත.