නේපාලයේ ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 400 දෙනෙකු අතුරුදන්ව ඇතිබවත් ඉන් 291 දෙනෙක් විදෙස් සංචාරකයන් බවත් විදෙස් වාර්තා පවසයි.
රසුවා ප්රදේශය ඔස්සේ ගලාගිය බෝත්කොෂි ගංගාව ආශ්රයෙන් මේ ගංවතුර තත්ත්වය ඇතෛවී තිබේ .
චීන සහ ටිබෙට් දේශ සීමාව ආසන්නව ගලා බසිනා මෙම ගංගාවේ ජල මට්ටම ඉහල යාමට හේතුව හිම දියවීම හේතුවෙන් ඇති වූ ජල ප්රමාණයක් එකවර ගලාඒම බව වාර්තා වේ . ප්රදේශයේ ඇති වූ භූමිකම්පාවක් හේතුවෙන් මෙම හදිසි හිම දියවී යාමට හේතුව බව වාර්තා වේ.
ගංවතුර තත්ත්වය හේතුවෙන් බෝත්කොෂි ගංගාව ආසන්නයේ ගමන් කරන මහා මාර්ගයක් සම්පූර්ණයෙන්ම යටව ගිය අතර චීන දේශසීමාවේ පිහිටි චීන රජයට අයත් ගොඩනැගිල්ලක් ද සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබේ.
නේපාල දේශසීමාවේ පිහිටි ග්ලැසියරයකින් අයිස් සහ ගල් සහිත නායයෑමක් සිදුවී භෝටේ කොෂි ගඟේ අතු ගංගාවක් වන ලෙන්ඩේ කොලා ගඟ අවහිර වීම හෙතුවෙන් මම ගක් වතුර තත්ත්වය ඇතිව තිබේ .