සමාජ මාධ්‍යයේ සංසරණය වන අම්බලන්ගොඩ පොලිසිය විසින් පුද්ගලයෙකුට අමානුෂික ලෙසින් පහර දෙන වීඩියෝව පිළිබඳව වහා පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි පොලිස්පතිවරයා උපදෙස් දි ඇතිබව වාර්තා වේ . එම වීඩියෝවේ කියවෙන පරිදි එම පුද්ගලයා හැඳුනුම්පතක් නැතිව සිටි බව පවසමින් අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව අම්බලන්ගොඩ පොලිසියේ නිළධාරීන් කිහිප දෙනෙක් වීසින් ඔහුට පහර දී ඇත .
එහෙත් පොලිසිය පවසනුයේ එම පුද්ගලයා පසුගිය 24 වනදා රාත්‍රියේ බීමත්ව අශෝභන ලෙස මාර්ගයක සැරිසැරීම හේතුවෙන් අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව බවයි .
අත්අඩංගුවට ගැනීමේදී සැකකරු පොලිස් නිලධාරීන්ගෙන් මිදී පලා යාමට උත්සාහ කළ බවත්, එහිදී ඔහු ඇද වැටීමෙන් තුවාල සිදුවූ බවත්, එම තුවාලවලින් වෑහෙන රුධිරය අදාල වීඩියෝවේ දක්නට ලැබෙන බවත් පොලිසිය පවසයි .
පහර කෑ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ පරීක්ෂාවෙන් අනතුරුව බලපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ඔහු ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.