ඊළඟ ජනාධිපති බිහිවන්නේ රනිල්ගේ පූර්ණ ආශීර්වාදයෙන් .

පසුගිය ජනාධිපතිවරණයේදී පරාජයට ප්‍රධාන හේතුව එකම දේශපාලන කඳවුර නියොජනය කරමින් අපේක්ෂකයින් දෙදෙනෙකු ඉදිරිපත් වීම බවත්, එළබෙන මැතිවරණයකදී නැවත එම වරද සිදු නොකිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවසීය .

සියලු පාක්ෂිකයින්ගේ ඒකමතික ඉල්ලීම වී ඇත්තේ ඉදිරියේදී සියලු දෙනා එකමුතුව කටයුතු කිරීම බවත්, එළබෙන ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති කිරීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේද ආශිර්වාදය සහ සහයෝගය හිමිවනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ඔහු පැවසුවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය .

“පැහැදිලිවම අපේ කඳවුරම් තමයි මේ කඳවුර. මේ කඳවුරෙන් අපේක්ෂකයන් දෙදෙනෙක් පහුගිය ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වීමෙන් තමයි අපේ පරාජයට ප්‍රධානම හේතුව වුණේ. එතකොට අර රෑ වැටිච්ච වලේ ආපහු දවල් වැටෙනවාද කියන එක අපි දැන්ම තීරණය කරන්න ඕන . නෑ අපි ඒ වලේ නැවත වැටෙන්නේ නෑ .

එම නිසා තමා ඉතා පැහැදිලිවම සියලුම පාක්ෂිකයින් ඒකමතිකව ඉල්ලන්නේ ඉදිරියේදී පවත්වන සියළුම මැතිවරණවලට අපි එකට වැඩ කරන්න ඕනේ කියලා . මේ රටේ ඊළඟ ජනාධිපති වෙන කවුරුත් නෙමෙයි සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඒ ගැන කිසිම වාදයක් නෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් ඊට ආශිර්වාද කරයි, ඊට සහයෝගය ලබාදෙයි. නාමල් රාජපක්ෂ මැතිතුමාට පුළුවන් තරම් මහන්සි වෙලා විපක්ෂ නායක ධූරයවත් ලබාගන්න කටයුතු කළොත් හොඳයි.”