”විනිසුරුවරයෙකුගේ වගකීම සත්‍ය ගවේෂණය නොවේ” විනිසුරු යසන්ත කෝදාගොඩ

අධිකරණය හමුවට පැමිණෙන නඩුවකදී විමර්ශනයක නිරත වී සත්‍ය ගවේෂණය කිරීම විනිසුරුවරයාගේ කාර්යභාරය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පැවසීය .

නඩුවකට අදාලව සත්‍ය ගවේෂණය කිරීම විමර්ශන නිලධාරීන්ගේ වගකීම බවත්, ශිෂ්ට සම්පන්න රටක අධිකරණයක් සිදු කරන්නේ අදාල පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරන සාක්ෂි පදනම් කරගෙන නීතිමය යාන්ත්‍රණය (Judicial Adjudication) ඔස්සේ නිගමනයකට එළඹීම පමණක් බවත් ඔහු සඳහන් කළේය .

ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අදහස් දැක්වූ ඔහු වැඩි දුරටත් මෙසේ පැවසීය

“නඩුවක් විභාග කරනකොට අපිට එක්තරා වගකීමක් තියෙනවා. අපි හමුවට ඉදිරිපත් කරන ප්‍රශ්නය සුවිශේෂී නෛතික යාන්ත්‍රණයක් භාවිතා කරලා නිරාකරණය කිරීමට. මොකක්ද මේ නෛතික යාන්ත්‍රණය කියලා කියන්නේ? Judicial adjudication නොහොත් අධිකරණයමය විනිශ්චයකරණය. අපේ රටේ පමණක් නෙවෙයි ලෝකයේ ශිෂ්ට සම්පන්න අනිත් සියලුම රටවල්වල ව්නිසුරුවරයාගේ කාර්‍යභාරය වෙන්නේ විමර්ශනයක නිරත වෙලා සත්‍ය ගවේශනය කිරීම නෙවෙයි.ඒක විමර්ශන නිලධාරියාගේ කාර්‍යභාරය.

අපේ කාර්යභාරය වෙන්නේ අපරාධයක් කොහොමද වුණේ . කවුද ඒක කළේ කියලා විමර්ශනයකරලා සත්‍ය ගවේශනය කරන එක නෙවෙයි. අපේ කාර්යභාරය වෙන්නේ නීතියෙන් පිළිඅරගෙන තියෙන අධිකරණමය විනිශ්චයකරණය නොහොත් judicial adjudication කියා යාන්ත්‍රණය භාවිතා කරලාඅපි හමුවට පාර්ශව දෙක විසින් ඉදිරිපත් කරන සාක්ෂි පදනම් කරගෙන නිගමනයකට එළඹීම.”