දිවයින පුරා පිහිටි ඩිපෝ සඳහා කොන්ත්‍රාත් පදනම මත රියදුරන් සහ කොන්දොස්තරවරුන් 1,037 දෙනෙකු බඳවාගැනීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අයදුම්පත් කැඳවා තිබේ.
රියදුරු පුරප්පාඩු 788 ක් සහ කොන්දොස්තර පුරප්පාඩු 249 ක් පිරවිම මෙම මෙම නව බඳවාගැනීමේ වැඩසටහනේ අරමුණ වෙයි .
රියදුරු තනතුරු සඳහා වයස අවුරුදු 21 ත් 45 ත් අතර පුද්ගලයන්ට අයදුම්කළ හැකි අතර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සම්මාන (D) දෙකක් සහිතව විෂයන් හයක් සමත්ව සිටීම සහ වසර තුනකට වැඩි කාලයක් වලංගු බර වාහන රියදුරු බලපත්‍රයක් හිමිව තිබීම අනිවාර්ය වේ. එමෙන්ම ඔවුන් නියමිත ශාරීරික හා සෞඛ්‍ය සුදුසුකම් සපුරා තිබිය යුතුය.
කොන්දොස්තර තනතුරු සඳහා අයදුම්කරුවන් වයස අවුරුදු 18 ත් 45 ත් අතර විය යුතු අතර, ගණිතය සහ මව්භාෂාව ඇතුළුව විෂයන් හයක් සම්මාන සාමාර්ථ (C) දෙකක් සහිතව අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්ව තිබිය යුතුය.
තෝරාගන්නා රියදුරන් සඳහා රු. 40,847 ක මාසික කොන්ත්‍රාත් මුදලක්ද, කොන්දොස්තරවරුන් සඳහා 40,008 ක මාසික මූලික කොන්ත්‍රාත් දීමනාවක් හිමිවෙයි . ඊට අමතරව රු. 17,800 ක ජීවන වියදම් දීමනාවක්, අතිකාල දීමනා සහ දිරිගැන්වීමේ දීමනා ද හිමිවේ.
සේවකයන් සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සේවක භාරකාර අරමුදලේ දායකත්තවය (ETF) බඳවා ගන්නා සේවකයන්ට හිමිවෙයි.
නියමිත ආකෘතියට අනුව සකස් කරන ලද අයදුම්පත්, ලියාපදිංචි තැපෑලෙන් ‘ප්‍රධාන විධායක නිලධාරී, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, නො. 200, කිරුළ පාර, නාරාහේන්පිට, කොළඹ 05’ යන ලිපිනයට 2026 සැප්තැම්බර් 07 වන දිනට ප්‍රථම ලැබෙන සේ යොමුකළ යුතුය.
කවරයේ ඉහළ වම්පස කෙළවරේ ඉල්ලුම් කරන තනතුර සහ දිස්ත්‍රික්කය පැහැදිලිව සඳහන් කළ යුතුය.