ශිරාන් බාසික් ගැන පියුමී හංසමාලී කියනා කථාව.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික් නමැත්තා සමඟ මුදල් ගනුදෙනු සිදුකර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ප්‍රචාර සම්බන්ධයෙන් ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ප්‍රතික්ෂේප කරන්නීය .

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කරනුයේ, ශිරාන් බාසික් නමැති පුද්ගලයා තමන් කිසිඳු අවස්ථාවක හඳුනාගෙන නොමැති බවයි.

තමන් සතුව ඇත්තේ තමන් විසින් උපයාගත් මුදල් පමණක් බවත්, වෙනත් කිසියම් පුද්ගලයෙක් හෝ ජාවාරම්කරුවන්ගේ මුදල් තමන් සතුව නොමැති බවත් ඇය අවධාරණය කරන්නීය .

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නැමැත්තා පසුගියදා ඩුබායිහීදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පසුගිය 14 වනදා මෙරටට රැගෙන එනු ලැබීය .