කඩුවෙල නගරයේ රථ වාහන ධාවනයේ වෙනසක් .

සිද්ධ රන්කඩු පත්තිනි දේවාලයේ දිය කැපීමේ වාර්ෂික මහා පෙරහැර අද උදෑසන 6 සිට දහවල් 2 දක්වා වීථී සංචාරය කිරීමට නියමිත බැවින් අද (16) කඩුවෙල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසයි.

පෙරහැර දේවාලය අසලින් ආරම්භ වී 143 අවිස්සාවේල්ල කොළඹ බස් මාර්ගය හරහා කඩුවෙල රාජසිංහ පාලම මතින් බණ්ඩාරවත්ත, බියගම ප්‍රදේශයට ගමන් කර දිය කැපීමේ චාරිතය අවසන් වීමෙන් පසුව නැවත එම මාර්ගයේම කඩුවෙල හන්දිය හරහා දේවාලය වෙත පැමිණීමට නියමිතව ඇත.

ඒ අනුව පෙරහැර ගමන් ගන්නා කාල සීමාව තුළ ඇතිවන රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය එම ප්‍රදේශය ඔස්සේ ගමන් කරන රියදුරන්ගෙන් හා මහජනතාව වෙත දැනුම්දීමක් කර තිබේ.