ගල්කිස්සේ වෙඩි තැබිමෙන් තුවාලලත් පුද්ගලයා මරුට .

ගල්කිස්ස, හුළුදාගොඩ පාර ප්‍රදේශයේදී ඊයේ (15) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇතිබව වාර්තා වේ .

එම පුද්ගලයා වෙඩි ප්‍රහාරයෙන් ලද බරපතල තුවාල හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළද ප්‍රතිකාර ලබන අතර තුර ඔහු මියගිය බව පොලිසිය පවසයි .

මෙම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර පවතින පෞද්ගලික ආරවුලක ප්‍රතිඵලයක් ලෙස සිදුවන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි .

යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත .