ගල්කිස්ස, හුළුදාගොඩ පාර ප්රදේශයේදී ඊයේ (15) රාත්රියේ සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇතිබව වාර්තා වේ .
එම පුද්ගලයා වෙඩි ප්රහාරයෙන් ලද බරපතල තුවාල හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළද ප්රතිකාර ලබන අතර තුර ඔහු මියගිය බව පොලිසිය පවසයි .
මෙම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර පවතින පෞද්ගලික ආරවුලක ප්රතිඵලයක් ලෙස සිදුවන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි .
යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්රහාරය එල්ල කර ඇත .