2026 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු අද (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි .
මෙම තහනම ශිෂ්‍යත්ව විභාග කටයුතු අවසන් වනතුරු බලපැවැත්වෙන අතර ම කාලය තුළ ශිෂ්‍යත්ව විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, බෙදාහැරීම හෝ ප්‍රචාරය කිරීමද තහනම් වෙයි .
එමෙන්ම, විභාග ප්‍රශ්න පත්‍රවලට ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒවාට සමාන ප්‍රශ්න ලබාදෙන බවට සඳහන් පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා මෙන්ම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ එවැනි ප්‍රචාර සිදු කිරීම හෝ එවැනි ද්‍රව්‍ය ළඟ තබා ගැනීමද සපුරා තහනම් බ ව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි .
2026 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වීමට නියමිතව ඇත . හෙසේ වෙතත් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතය.