ත්‍රෛනිකායික නාහිමිවරුන් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දිගුකරනවාට විරෝධය පාති .

අද පෙරවරුවේ මල්වතු පාර්ශවයේ මහනාහිමි මුනගැසුන ශ්‍රි ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මාධ්‍ය අමතමින් පැවසූවේ යෝජිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දිගුකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බව දන්වමින් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ජනාධිපති වරයාට ලිපියක් යවා ඇති බවය.

ඒ අනුව යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සඳහා රජයට කිසිම සදාචාරාත්මක පදනමක් නැති බව ඔහු වැඩි දුරටත් පැවසීය .