තෙල් මිල ගැන නිවේදනයක් .

අගෝස්තු මාසය සඳහා ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) නිවේදනය කරයි .

එහි සභාපති ඩී.ජේ. රාජකරුණා අද (31) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, දැනට ක්‍රියාත්මක මිල ගණන් අගෝස්තු මාසය පුරාම එලෙසම පවත්වාගෙන යන බවයි. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 414, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 495, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 382 සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 478 ලෙස නොවෙනස්ව පවතියි .

එමෙන්ම භූමිතෙල් ලීටරයක පෙර පැවති මිලවන රුපියල් 285 ද සංශෝධනය නොවනා බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි .