නව හමුදාපති ධූරයට ලුතිනන් ජනරාල් නිලන්ත ප්‍රේමරත්න පත්කෙරේ .

මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න නව හමුදාපතිවරයා ලෙස පත් කර තිබේ. මෙම පත්කිරීමත් සමඟ ඔහු ලුතිනන් ජෙනරාල් ධුරය දක්වා උසස් කර ඇත.

මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන ඔහු, මෙම පත්වීමට පෙර ශ්‍රී ලංකා යුද හමුදාවේ 69 වන මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළේය.