මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවු සිද්ධියෙන් නිලධාරීන් 10 ක් සහ රැඳවියන් 22 ක් ඝාතනය වීම සම්බන්ධයෙන් මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය වන අවස්ථාවේ සිටි ප්‍රධාන ජේලර්වරයා වන වික්‍රම ජයන්ත කුමාර ඊයේ ( 30) මීගමුව මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා ඉදිරියේය හමුවේ පෙනී සිට සාක්ෂි ලබා දුන්නේ ය.
සාක්ෂි ලබා ගැනීමෙන් අනතුරුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේ ඔහු ලබා දුන් සාක්ෂිය තුළ රටේ ජාතික ආරක්ෂාවට දැඩි සවේදිතාවයක් දක්වන තොරතුරු ඇති බවය . එම සාක්ෂියේ අඩංගු කරුණු සමාජයට නිරාවරණය වීම තුළින් රටේ ජාතික ආරක්ෂකව බරපතළ අවදානමකට ලක් විය හැකි බවත්, එබැවින් කිසිඳු මාධ්‍යක එම සාක්ෂි පල නොකරන ලෙස නියෝග කරන බවත් පැවසූ මහේස්ත්‍රාත්වරිය එකී සාක්ෂිය සුරක්ෂිතව තබන ලෙස නියෝග කලාය.
එමෙන්ම වැලිකඩ සිට මීගමුව බන්ධනාගාරයට පැමිණි බන්ධ පොලිස් නිලධාරීන් 89 දෙනා සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අතර ද කොළඹ ජාතික රෝහලේ සහ මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයන් සම්බන්ධයෙන් ද වාර්තාවක් බන්ධනාගාර නිලධාරීන් විසින් ඉදිරිපත් කළහ.