ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවයේ කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ආනයනය කරන ලද නව ‘මෙට්‍රෝ’ (Metro) බස් රථ 104 ක් ඊයේ (29) කොළඹ වරායට ළඟා වී තිබේ.
චීනයේ ප්‍රමුඛ පෙළේ වාහන නිෂ්පාදකයෙකු වන ‘ෆෝටෝන් ඉන්ටර්නැෂනල් කෝපරේෂන්’ සමාගම විසින් මෙම බස් රථ නිපදවා ඇත . මෙම බස් රථ සැපයීමට අදාල ගිවිසුමට මේ වසරේ මැයි මාසයේදී එලබෙන ලදි. එම ගිවිසුමට අනුකූලව, මෙට්‍රෝ බස් රථ 104 කින් සමන්විත පළමු බස් රථ තොගය මෙලෙස දිවයිනට ගෙනවිත් ඇත.
ද්‍රී ලංකාවේ නාගරික ප්‍රවාහනයේ වැඩි අවස්තා මෙට්‍රෝ බස් වෙත පැවරීමේ රජයේ අරමුන වන අතර, ඉදිරියේදී තවත් මෙට්‍රෝ බස් තොගයක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිතය. ලියාපදිංචියෙන් අනතුරුව මෙම බස් රථ කඩිනමින් මහජන සේවයට එක්කිරීමට නියමිතය