බංග්ලාදේශ ජනාධිපති ඉල්ලා අස්වෙයි .

බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුද්දීන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

ජනතා නැගීටීම් හමුවේ රටින් පිටවූ හිටපු අග්‍රාමාත්‍ය ෂීක් හසීනා යළි බංග්ලාදේශයට පැමිණීමට සූදානම් වන බවට පළවන වාර්තා මධ්‍යයේ ජනාධිපතිවරයා මෙම තීරණය ගැනීම විශේෂත්ත්වයක් බව එම මධ්‍ය වැඩි දුරටත් පවසයි . ශිෂ්‍ය විරෝධතා අතරතුර සිදුවූ ඝාතන සිද්ධි සම්බන්ධයෙන් අධිකරණය විසින් ෂීක් හසීනාට මරණ දඬුවම නියම කර තිබූ අතර, එම නඩුවලට මුහුණ දීම සඳහා යළි බංග්ලාදේශයට පැමිණෙන බව ඇය ප්‍රකාශ කර තිබුණි .

මේවන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා තායිලන්තයේ සිටින පාර්ලිමේන්තු කථානායක හෆීස් උද්දින් අහමඩ් මහතා යළි බංග්ලාදේශට පැමිණීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමට නියමිතය.