ඇහැළියගොඩ කැලෑවකින් හමුවුනේ පෝර්ට් සිටියෙන් පැහැරගත් චීන ජාතිකයාගේ සිරුරද.

කොළඹ වරාය නගරයේ (Port City) පිහිටි එල්ලෙන පාලම අසලදී චීන ජාතිකයන් පිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබේ. එම ගැටුමෙන් අනතුරුව චීන ජාතිකයන් තිදෙනෙක් පැහැරගෙන යාමට ලක්ව ඇතිබව වාර්තා වේ .

පැහැරගෙන ගිය චීන ජාතිකයන් තිදෙනාගෙන් දෙදෙනෙක් ආසන්න ස්ථානයක දමාගොස් ඇති අතර අනෙක් චීන ජාතිකයා පිළිබඳව තවමත් තොරතුරු ලැබී නැති බව වාර්තා වේ. මේ අතර ඇහැළියගොඩ කරඳන කැලෑ ප්‍රදේශයක තිබී චීන ජාතිකයෙකුගෙ බව සැකකරනා මළ සිරුරක් සොයාගෙන ඇති බව වාර්තාවේ. ඇස් බැඳ තිබූ එම සිරුර අද අළුයම පැහැරගැනීමට ලක්වූ චීන ජාතිකයාගෙදැයි පොලිසිය පරීක්ෂණ පවත්වයි .

ඊයේ රාත්‍රී 11:00 ට පමණ චීන ජාතිකයින් තිදෙනකු වරාය නගර පරිශ්‍රයට පැමිණ එල්ලෙන පාලම මත සිට මත්ස්‍යයන් ඇල්ලීමේ නිරත වී ඇත. අනතුරුව අද අලුයම 2:00 ට පමණ සුඛෝපභෝග් වෑන් රථයකින් පැමිණි තවත් චීන ජාතිකයින් 15 දෙනෙකුගෙන් යුත් පිරිසක් එම තිදෙනාට පහරදී පැහැරගෙන ගොස් ඇත .