ගන්දර ප්‍රදේශයේ නිවසකට අද(22) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතිබව වාර්තා වේ . මෝටර්රථයකින් පැමිණි පිරිසක් විසින් පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇත .
වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැත.
වෙඩි තැබීමට ලක්වූ නිවස හිමියා ධීවර කටයුතුවල නියැලෙන්නෙක් බව වාර්තා වේ . වැඩි දුර පරීක්ෂණ පැවැත්වෙයි .