පසුගිය 15 වෙනිදා මකුලුගස්වැව පොලීසියේ කාන්තා පොලිස් කොස්තාපල්වරියකට අතවර කිරීමෙ සූදනමින් ඇයගේ උකුළ මත වාඩිවීමට උත්සහගත් පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇතිබව පොලිස් ආරංචිමාර්ග පවසයි .
මෙම පොලිස් කොස්තාපල්වරයා දඹුල්ල ගම්උදාව ක්රීඩාංගණයේදී පැවැති සංගීත සන්දර්ශනයක් සඳහා රාජකාරි සඳහා යොදවා සිටි බවත්, එහි සේවයට වාර්ථා කිරීම සඳහා ඔහු මකුලුගස්වැව පොලිස් ස්ථානයට පමිණි අවස්ථාවේ මෙම සිදුවීම සිදුව ඇත . එම අවස්ථාවේ එම කොස්තාපල්වරයා බීමත්ව සිට ඇත .
අනතුරුව එම කොස්තාපල්වරිය පොලිස් ස්ථානාධිපතිවරයා මාර්ගයෙන් ප්රදේශය බාර සහකාර පොලිස් අධිකාරිවරයා වෙත සිද්ධිය පැමිණිලි කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව කාන්තා පොලිස් කොස්තාපල්වරියට අතවර කිරීමට තැත් කිරීම සහ රාජකාරි අවස්ථාවේ බීමතින් සිටීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයෙන් අනතුරුව අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර පරික්ෂනයක් කිරීමට සහකාර පොලිස් අධිකාරීවරයා තීරණය කර ඇත .