බුලත්විට තහනම්.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රධාන පිළිකා වර්ග අතර මුඛ පිළිකා ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බැවින්, මෙරට තුළ දුම්කොළ මිශ්‍ර බුලත්විට භාවිතය, විකිණීම සහ බෙදා හැරීම තහනම් කිරීමට අවශ්‍ය නීතිමය පියවර දැඩිව ක්‍රියාත්මක කරන බව ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි .

මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික එම්.ඒ.සී. ප්‍රසාද් සඳහන් කළේ, මෙරට ජනතාව මුඛ පිළිකාවලට ගොදුරු වීමට ප්‍රධානම හේතුව දුම්කොළ මිශ්‍ර බුලත්විට සහ විවිධ හපන දුම්කොළ නිෂ්පාදන පරිභෝජනය කිරීම බව සඳහන් කළේය .

ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව බුලත්විටක දුම්කොළ අන්තර්ගත විය නොහැකි බවත්, දුම්කොළ අන්තර්ගත බුලත්විට විකිණීම, බෙදා හැරීම, ළඟ තබාගැනීම, විකිණීමට ඉදිරිපත් කිරීම සහ ගබඩා කිරීම සම්පූර්ණයෙන්ම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ඔහු අවධාරණය කළේය .