අට හැවිරිදි පාසැල් සිසුවවා මෝටර් රියට ගිනි තැබූ බවට සාක්ෂි නෑ

කුරුණෑගල ප්‍රදේශයේ පාසලක නතර කර තිබූ මෝටර් රථයකට එම පාසලේම ඉගෙනුම ලබනා අට හැවිරිදි පාසැල් සිසුවෙකු වීසින් ගිනිතබා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන වීඩියෝව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරයි .

එම සිසුවා මෝටර් රථයට ගිනිතැබු බව සනාථ කිරීමට තරම් සාක්ෂියක් මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී නොමැති බව පොලිසිය නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙයි .

පසුගිය ජූලි 3 වනදා කුරුණෑගල ප්‍රදේශයේ පාසලක මෙම සිදුවීම වාර්තා විය . ගිනි ගත් මෝටර් රථය මිලියන 14 කට ආසන්න වටෛනාකමකින් යුතු එකකි . එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන බවත්, මෙම ගිනිතැබීමට අදාළ අටහැවිරිදි දරුවා වගකිව යුතු බවට ලද පැමිණිල්ලකට අනුව කුරුණෑගල පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වෙයි .

සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවේ සිටින දරුවා වාහනය ගිනිගන්න අවස්ථාවේ එම වාහනය අසලින් ගමන් කර ඇති නමුත් එම දරුවා විසින් වාහනයට ගිනිතැබූ බවට මෙතෙක් කිසිදු ඇසින් දුටු සාක්ෂියක් හෝ අධිකරණ වෛද්‍ය/විද්‍යාත්මක සාක්ෂියක් මඟින් තහවුරු වී නොමැති බව පොලිසිය අවධාරණය කරයි.

ගින්නට හේතුව නිවැරදිව අනාවරණය කර ගැනීම සඳහා රජයේ රසපරීක්ෂකවරයා වෙත ද යොමුකර ඇති බව පොලිසිය පවසයි.