හිටපු ඇමති ප්‍රසන්නගේ විදෙස් ගමන් තහනම ඉවත් කරයි .

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ආසංක එස් බෝදරගම ඊයේ නියෝග කළේය .

එම නඩුව ඊයේ කැඳවූ අවස්තාවේදී හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා පෞද්ගලික කටයුත්තක් සඳහා විදේශගත වීමට අවශ්‍ය බැවින් පවතින තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය .

අල්ලස් හෝ දූෂණ වැලැක්වීමේ කොමිසම වෙනුවෙන් පෙනී සිටී නීතීඥවරු ඊට එරෙහි නොවූ හෙයින් දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ 10ක අමතර ශරීර ඇපයක් මත විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට නියෝග කළේය .