පිල්ලෙයාන් යළිත් රිමාන්ඩ් .

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ ජූලි 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කළේය.

වීඩියෝ සම්මන්ත්‍රණ තාක්ෂණය ඔස්සේ සැකකරු අද දින මඩකලපුව මහෙස්ත්‍රාත් ඒ. දර්ශිනි හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදී මෙම නියෝගය ලබාදෙන ලදි .

2008 වසරේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සිදු වූ මිනීමැරුම් පහක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ නඩුවකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරනා ලදි .